WINDROID COPERATION
WINDROID (©) by themiya aklanka

Windows

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය. 2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල ‍භාවි‍තා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වි‍න්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණ‍යක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.

නවතම වින්ඩෝස් සංසකරනය වන වින්ඩෝස් 10
DOWNLOAD JUST FOR FREE...... This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free